සමුපකාර ගීතය ( Cooperative Song )


මහජන දියුණුව සැලසෙන්නේ
පදනම සහයෝගය වෙමිනේ
සමගි බලේ // / යොදවමිනේ
සිරිලක නිදහස රැුකදෙන්නේ
ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා
දුර හැර ආගම් කුල බේදා
අලස නොවී /// දිරිය යොදා
ලක්මව සුරකිමු අපි සැමදා
ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ
විලස ගැනේ සම උපකාරේ
දිළිඳු දනා /// පෙළ අතරේ
සේවය වෙයි සිරිලක් අඹරේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි
වෙළහෙළදාමෙහි අත්තමෙහි
දියුණුවටා /// මතු දිනෙහි
පිහිටයි සමුපකාරයෙහි
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ
පොදු ජනයා හට බෙදන ලෙසේ
සමවාසී /// ලැබෙන ලෙසේ
සමුපකාරයෙන් ඉඩ සැලසේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා
රට තොට උවදුරු නැති කරදා
අසරණයා // දුකින් මුදා
සැමටම සුබසෙත කරමු උදා
ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

මෙම සමුපකාර ගීතය ප‍්‍රබන්ධය කළේ සරණගුප්ත අමරසිංහ මහතාය.
මෙම සමුපකාර ගීතයේ තනු නිර්මාණය කරන ලද්දේ
ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතාය.

No comments:

Post a Comment